දේව මන්දිරේdheewa mandhiree

Dewa Mandire

Lyrics

දේව මන්දිරේ වැතිරී බැතියෙන
පුදසුන අබියස ආයාචනා කරමි
දැවෙන සිතේ
සංකා සෝ දුන් නිවන ලෙසේ

අපටම වෙන්වුන අපගේ ලෝකයේ
යදමි පවුරු ලා දොරගුළු දා ඇත
දෙතැනක තනි වුනු දෙසිතක සෙනෙහස
කවදා හමුවේදෝ

සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ
ඈ තනිවෙනවා රැදුරු ලොවේ අද
පහන් හැඟුම් මැද අප හමුවන දින
කවදා ළං වේදෝ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.