දෙවියනි ඔබත් මෙසේdhewiyani obath mesee

Deviyani Obath Mese

Lyrics

දෙවියනි ඔබත් මෙසේ නම්
මං කාට නම් මේ දුක පවසම්දෝ
ඇය මට දුන් මේ කඳුළැල්
ඔබ ඇයි ද නාදුනන්නේ

මිණි කිකිණි පිපුනු පාදේ වැහි බිංදු ගීත ගැයුවා
සඳවලා  අප්සරාවෝ අප වටා සෙමෙර සැලුවා
නිල් නිම්න විල් නෙළුම් මල් ඇගේ දෑස පාට කෙරුවා
ඒ පාට දෑස් අගින් ඈ මට මන්දහාස නැගුවා

දෙවියනි ඔබත් ....

දේවාති දේවතාවෝ පෙම් වරම් අපට පිදුවා
දෙවියන්ට මතක නැතිමුත් මට තාම මතක ඇතුවා
මුළු ලෝකයක් මැවූ ඈ හිරු සඳුත් තරුද නිව්වා
අවසන් වසන්තයේදි දෙවියන් ද අහක බැලුවා

දෙවියනි ඔබත් .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.