දෙවියනි ඔබ මැව් ලොව පුදුමයිdhewiyani oba maew lowa pudhumayi

Deviyani Oba Maw Lowa Pudumai

Lyrics

දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
(පහන ළඟයි ආලෝකේ දුරයි.....//)
(දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි
පහන ළඟයි ආලෝකේ දුරයි.....//)

සඳට ආසා කරනා කුරුල්ලා
ඉන්නෙ වනේ කැදැල්ලේ
සිත ගත් හැම දර්ශනයම ලෝකේ
ඇයි අතින් ඔබ මැව්වේ
ඒකද යුක්ති ධර්මෙ මහා
මේකද යුක්ති ධර්මෙ මහා
පහන ළඟයි ආලෝකේ දුරයි.....

දෙවියනි ඔබ මැව්...../

වනයේ ගස්වල මල් ඵල සේරම
එහි නොතබා බිම හෙළුවේ
ඔබ දුන් සේරම යළි ඔබ අරගෙන
ලෝකෙට ඇයි දුක දුන්නේ
(ඔබ දුන් දේ යළි ඔබ ගත්තේ...//)
පහන ළඟයි ආලෝකේ දුරයි....

දෙවියනි ඔබ මැව්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.