දෙතොලග සිනහාdhetholaga sinahaa

Detholaga Sinaha

Lyrics:
ඩබ්ලිව් එම් ටී බණ්ඩාරdabliw em tii bandaara

Lyrics

දෙතොලග සිනහා ආදර කැල්මෙන් නැහැවේ
පෙම්රස අණා අමුණයි සුන්දරතාවේ
නුවනඟ බැලුම් නිහඬව ගැයු ගී රාවේ
මදුරස පිරේ සවනත මී විත යාවේ

දේදුණු දෙබැමේ නැළවෙන සිත සුව යහනේ
මිහිරක් දැනේ හදවත අඬ සඳ පහනේ

ලෝ තුල සදා මිය යන මල් පිපි සෙවනේ
ඔබ මට මදාරා මලකි ය පිය ළඳුණේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.