දෙතොල් විල මත මදහසක් වී පිපෙන්නdhethol wila matha madhahasak wii pipenna

Dethol Vila Matha Madahasak Vee Pipenna

Lyrics

දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න
කොපුල් තල සිඹ සුසුම් උණුහුම විඳින්න
විසල් ලොව පෙර සේම අසිරිය දකින්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

ආල වදනින් මගේ හිත සුව කරන්න
තාල නගමින් මිහිරි ගි වැල් ගයන්න //
සේල යහනේ වරු ගණන් නිදි වරන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න

ළඟම රැඳෙමින් කඳුළු හසරැලි විඳින්න
රසම රස බත් කටක් ආයෙත් කවන්න //
හුරු පුරුදු ලෙස ඔබ් තුරුලේ වෙලෙන්න
දිනක් ඒවිද ආයෙමත් මට කියන්න //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.