දෑසේ මල් විලේ ආශා රොන් සැළේdhaesee mal wilee aashaa ron saelee

Dese Mal Wile

Lyrics

දෑසේ මල් විලේ ආශා රොන් සැළේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සඳේ
ඡායා පායලා මේ සැඳෑ යාමයේ
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ

සන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ//
ආරාධනා රැව්දෙනා යාමයේ
ආදරෙන් ළංවෙමු...

දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...

නිල්වන් වලා තළේ ඈතින් එහා ලොවේ//
ගී ගායනා විසිරෙනා මේ රැයේ
ආදරෙන් හිනැහෙමු...

දෑසේ මල් විලේ ආශා රොන් සැළේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.