දෑස තෙමිලාdhaesa themilaa

Desa Themila

Lyrics

දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
ඔබම පතලා සිතැගි ගලපා ආදරේ ටජ්මහලක් බැන්දා..
සුවඳ හමනා සුළඟකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා

දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..

ගිනි දැල්වු ආදරේ.. උණුසුමෙන් ඈත් නොවේ..
අමතක කළත් මෙසේ.. මතකේ හෙටත් තියේ..
විදගන්න බෑ ලදේ.. පලිගන්න නම් නොවේ..
එහෙනම් වෙනස් වුනේ.. දෛවයයි වෙන් කලේ..

ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ..
ඔබෙ ආදරේ වෙනුවෙන් ලදේ..
සැමරුම් තබා ඇයි පිටු පා ගියේ..
අදහන්න බෑ සත්තයි ප්‍රියේ..

දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා..

දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.