දෑස පියාගත් කලdhaesa piyaagath kala

Desa Piya Gath Kala

Lyrics

(දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබ හඬ...//)
කුමාරියේ අමතක නොවේ ලස්සන රුවේ සිත සැනසුවේ...... 

දෑස පියාගත් කල......

(අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම් වළල්ලේ නෙත් රැඳුනු මොහොතේ...//)
සිත කැලඹුනේ ඇයි නොම දැනේ 
කීදෙයක්ද අරුමයක්ද මට සිතාගන්න නොහේ......

දෑස පියාගත් කල....  

(ගලින් ගල හැපී පෙනකැටි විසිරෙනු දැකලා
නිම් නොවු සිතේ සතුටින් හසරැල් පිපිලා....//)
මතකය මගේ අවදී වුනේ
ඒ එදාය මේ මෙදාය මට සිතාගන්න නොහේ

දෑස පියාගත් කල..... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.