දෙනුවන් ගැඹරේdhenuwan gaembaree

Denuwan Gambare

Lyrics

දෙනුවන් ගැඹරේ කල්පනා
මුවගේ රැදි සුපෙම් සිනා
සිසි උවනේ කැලුමන් සලා
ඔබදෝ නව මොනාලිසා //

රැගුම් හලේ ඔබ රඟන වෙලේ
මසිත කොනෙන් සිතුවැල් පැටලේ
මනමෝහන මධු ගී ගයා
හිනෙහීයන් මොනාලිසා

දෙනුවන් ගැඹරේ ...

තුරුනු සිතේ පෙම් කැකුළු පිපේ
තිරය වැසේ පිපි මල් සැලුනේ
හද පාළුව අඳුරේ දමා
නොයනු මැන මොනාලිසා

දෙනුවන් ගැඹරේ ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.