දෙනෙතින් වැටෙනාdhenethin waetenaa

Denethin Watena

Music:
අමිල් තරංගamil tharanga
Lyrics:
හසිත හේමාල් ජයසිරිhasitha heemaal jayasiri

Lyrics

දෙනෙතින් වැටෙනා කඳුලක් ගානේ
ඔබගේ සිතුවම් බොඳ වී මැකුණේ
හිතවත්කම් අපේ වෙනතක රැඳුණේ
(මගේ ජීවිතයට ඔබ ආ දවසේ.....//)

හීන දහසක් දකිනවද හැම රෑම
මාව තවමත් පතනවද ඒ හීන
වෙනදා වාගේම මා ළඟින් නැතිවාම
දෙනෙත් කඳුලින් බොඳ වෙලා යනවාද
සිතුවත් යන්නට මේ ලෙස සමු දී
(මා සිත ඉල්ලයි ඔබව හැමදාම.......///)

ආදරෙන් අප ළංව ඉඳ හැමදාම
දුරස් වන්නට කරුණු ගැලපුණේ කෝම
කෝල හසරැල් මා ළඟදී ඔබ පෑව
නිදන් කරගෙන තියේ මගේ හිත ගාව
සිතුවත් යන්නට මේ ලෙස සමු දී
(මා සිත ඉල්ලයි ඔබව හැමදාම.......///)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.