Lyrics
දෙනෙතේ රන් තරු මල්
සුදිලෙන ඔබේ රූ සිරි
මගෙ පාලු ලොවට එලිය දුන්නේ
තනිවූ මගේ සිතට සෙනෙහේ දුන්නේ ඔබයි
ඔබ ආවේ මට ලංවෙලා පෙමින්
පෙර සසරේ සිට නේද එක සිතින්
ඔබගේ ලොව හැරදාලා ආදරයට පිටුපා
නෑ මං දුර ඈතක යන්නේ
සුදු කිරිල්ලියේ කිරිල්ලියේ
මාගේ මනසේ පිස දමා සුසුම් මවා සතුට
ලං ලං වීලා හදවතේ කොනක ලැගුම් ගත්තේ
දල්වා දෑසේ සිනා
මුමුණා රස පෙම් කතා....
දෙනෙතේ රන් තරු......
සුදු කිරිල්ලියේ.....
මුමුණා රස පෙම් කතා..
සුදු කිරිල්ලියේ කිරිල්ලියේ