දැන දැනත් ලං උණා වැඩිද අපිdhaena dhaenath lan unaa waedidha api

Dena Denath Lan Una Wadida

Lyrics

දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා
දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා
නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා
ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නේ හැබැයි ඔයා

පෑරෙනා වේදනා යටි
හිතේ ගොඩ ගසා
මේ තරම් සෙනෙහසින්
හුමාලෙට පවා ලං වෙලා
ඇති තරම් වේදනා දරා පෙම් කලෙ මගේ නිසයි ඔයා 
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් මමයි ඔබෙ අයිතිකාරයා

ඔබේ වෙලා හැම බවේ
උපදින්න ඇත්නම් මෙසේ
මේ තරම් පිනක් අනේ
හිමි වෙයිද නෑ පව් කලේ
ඇති තරම් වේදනා දරා පෙම් කලේ මගේ නිසයි ඔයා
ඔබෙන් තොර නම් ලොවක් නෑ දැන් මමයි ඔබේ අයිතිකාරයා

දැන දැනත් ලං උනා වැඩිද අපි කදුලකට මුල පුරා
දාලා යන්නට නෑ හිතක් නෑ වෙන අයෙක් මට එපා
නොදැක බැරි හීනයෙන් පවා පෙනෙන්නේ ඇත්තමයි ඔයා 
ලියන්නම් ලේ වලින් පවා දාලා යන්නේ හැබැයි ඔයා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.