දෙහදක ආදරේdhehadhaka aadharee

Dehadaka Adare

Music:
සංගීත් ඉද්දමල්ගොඩsangiith idhdhamalgoda
Lyrics:
නන්දන වික්‍රමගේnandhana wikramagee

Lyrics

දුටු හීනයක් වාගේ දම්පාට හැන්දෑවේ
පැතූ පෙම් පැතුම් ඉටු වෙලා
නොමැකෙන්න නෙතු මානේ
ඇඳි සිත්තමක් වාගේ සදාකල් ළඟින් ඉන්නවා
තුරුලේ මං විඳගන්නම් ඒ ආදරේ
දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ.....
දෙහදේ ආදරේ සදාකල් නොමැකී තියේ.....

සඳ පායනා රැයේ සිප ගන්න සිත කිව්වේ
ඔබේ මුදු දෙතොල් නොරිදවා
හදගැස්ම වැඩි වෙන්නේ සීතලද නොදැනෙන්නේ
සිතේ පෙම් කුසුම් සුපිපෙනා......

තුරුලේ මං විඳගන්නම් ඒ ආදරේ
දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ.....
දෙහදේ ආදරේ සදාකල් නොමැකී තියේ.....
නොමියෙන ආදරේ සදාකල් දෙහදේ රැඳේ
දෙහදක ආදරේ සදාකල් නොමැකී තියේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.