දෙගුරුන්ට අවනතවdhegurunta awanathawa

Degurunta Awanathawa

Lyrics

දෙගුරුන්ට අවනතව විවාවී 
නැවුම් සෙවණක් සොයා
පියාඹා යන්න ඔබ 
මගේ ලොව වේදනා මම තනිව විඳින්නම්

එදා අප සිනාසුණු උයන්තෙර මාවාතේ 
නැගී රිය පෙරහැරින් ගියද ඔබ වෙන් වෙලා
අතීතයෙ සිහින ලොව මැකි නෙත උණු දියෙන්
ඔබේ රත් කොපුල් තල තෙමී යන බව දනිමි

අපේ පියවර  රැදුණු උපන් බිම හැරදමා 
ගියද ඔබ දුරස් වී වෙනත් සුරතක් දරා
මගේ තනි නොතනියට මගේ ලඟ රැදෙන්නට 
ඔබේ සුවඳින් බිඳක් මෙහි තබා යනු මැනවි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.