දේදුණු පාටයි මුහුණ ඔබේdheedhunu paatayi muhuna obee

Dedunu Patai Muhuna Obe

Lyrics

දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ
අරුණෝදේ.... සුවඳේ

මල් වල මී බිඳු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඹරෝ
මේ යාමේ හමු වී එක් වීලා ලං වීලා සැනසී 

වරල ඔබේ ඇද හැලෙනා ඇල්ල වගේ 
සුවඳ ඔබේ චන්දන අරණ වගේ 

ආදර ලෝකෙට පායන සඳ ලෙස ඔබෙ වත දිලිසෙන්නේ 
සාගර ජලයට වඩා වැඩියි මගෙ ආදරේ ඔබට ප්‍රියේ 
මගෙ ආදරේ ඔබට ප්‍රියේ

කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා 
සීන ලොවේ මම අහසේ පියඹනවා

ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට මගෙ හිත ලතවෙනවා 
ඔබ සනසන්නට සුව කැන්දන්නට මා හනිකට එනවා
ළඳුනේ මා හනිකට එනවා

දේදුනු පාටයි මුහුණ ඔබේ දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ ඒකයි සමනළියේ
අරුණෝදේ.... සුවඳේ...
පිනි වාගේ දිලිසෙන්නේ නෙතඟේ

මල් වල මී බිඳු වෑහෙන්නේ ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ ඔබටයි රන් බඹරෝ
මේ යාමේ හමු වී එක් වීලා ලං වීලා සැනසී 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.