දේදුනු පායාdheedhunu paayaa

Dedunu Paaya

Lyrics

(දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආ.දර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැරේ...//)

දෑසට දෑසක් හමුවුනු දවසේ
නුපුරුදු හැඟුමක් කියවේ රහසේ
සිතිවිලි දහසක් එක්තැන් වූයේ
පැතුම් ලොවට මගේ ඇයි ඔබ ආවේ

මා කැඳවන ගොලු ඉඟියක් දැනුනා
ආදර විමනේ රන් දොර ඇරුණා
පොපියන හදකින් ආශා හිතුණා
පිටුපා යන්නට බැරි බව හැඟුණා

දේදුනු පායා පාට වැටෙනවා....

උල්පත් හැදුනේ සිහිල උනන්නයි
මල් කෙමි මැවුනේ රොන් වෑහෙන්නයි
මී වද බැඳුනේ පැණි සුරකින්නයි
හද මැවුනේ ආදරය කරන්නයි

මල්බර තුරු අතු සෙවණ සදනවා
කුරුලු ගීත ආසිරි ගී වෙනවා
තනිවම ගිය මග ඔබ හා යනවා
පෙමට ඇරුණු හද ඔබට පුදනවා

(දේදුනු පායා පාට වැටෙනවා
ජීවන අහස් තලේ
ආ.දර පවනේ සුසුම් කුසුම් වැල්
මා යන මඟට හැරේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.