දේදුන්න වාගේ පායන්න ආයේdheedhunna waagee paayanna aayee

Dedunna Wage Payanna Aye

Lyrics

දේදුන්න වාගේ පායන්න ආයේ
පායන්න ආයෙ කිව්වා
ඈ එන්නෙ නෑනේ පායන්නේ නෑනේ
දේදුන්නෙ පාට හෙව්වා ///

ඈ එක්ක උන්නු කාලේ ආදරෙන් තුරුල් වුනා
දේනුන්න පාට ප්‍රේම ලෝකෙන්ම ගෑවුනා
ඒ ප්‍රේම ගීතයේ ඔභයි මමයි සිනාසුනා
මේ පාට හීනයේ ඔබයි මගේ සුරංගනා

දේදුන්න වාගේ ....

දෑස් වලින් විද්ද හීය මේ හිතේම නැවතිලා
මා ආදරේට කීව ගීත ඈට නෑසෙනා
මේ පෙම් පැතුම් දන්න අහස පොලොව යාවුනා
දේදුන්න කෝ ඔයා කියන්න කෝ සුරංගනා

දේදුන්න වාගේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.