දෙදෙනෙකු අතරේdhedheneku atharee

Dedeneku Athare

Lyrics

දෙදෙනෙකු අතරේ තිබෙනා සෙනෙහේ
තුන්වැන්නෙකු හට දෙන්න එපා
ඒ සෙනෙහෙ සේයා වෙවී හදේ මායා //

ඔබ හට නොයුඳුල් නිකලැල් සිත දීලා
ඉන්නට සිතුවා ඔබ ලඟ සැනසීලා
පැතුම් බිදීලා අද තනිවීලා මා
පෙරුම් පිරුවත් ඔබ හිමි වීලා නෑ

දෙදෙනෙකු අතරේ ....

නොසිතුව විලසින් ලතැවුල් මට දීලා
වෙනතක බැදිලා ඔබ ඔහු සතු වීලා
පැතුම් බිඳීලා අද තනිවීලා මා
පෙරුම් පිරුවත් ඔබ හිමි වීලා නෑ

දෙදෙනෙකු අතරේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.