දෙඅදර විලිකුන් සුරත් පලේdheadhara wilikun surath palee

Deadara Wilikun Surath Pale

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

Lyrics

(දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදෙමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ.....//)
සීත මීදුම් සිහින වැල් පැටලේ......

මුවරද රොන් සුනු සුවඳ විතේ
මින්දද දවසක ගෙනෙනු ඇතේ
නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ
කැඳවයි ඔබ තවුතිසා වෙතේ
ජීවිතේ මී බින්දුවක් වාගේ......

(දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදෙමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ.....//)

මධුවිත සැනෙකින් හිස් වෙනවා
දිවි තවලම කතරක යනවා
යෞවන බව හෙට නැති වෙනවා
කල් බැලු අය හිඳ ලතවෙනවා
ජීවිතේ පිණි බින්දුවක් වාගේ......

(දෙඅදර විලිකුන් සුරත් පලේ
පෙම් මදිරා අයැදෙමින් සැලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ.....//)
සීත මීදුම් සිහින වැල් පැටලේ
සීත මීදුම් සිහින වැල් පැටලේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.