දැසමන් මලක් වගේdhaesaman malak wagee

De Saman Malak Wage

Lyrics

දැසමන් මලක් වගේ - ප් ‍රියංකරයි සුකූමලයි......
සුරංගනාවියක් වගේ - අහිංසකයි රටක් වටියි...
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

රාජ බෝජන නැත මට දෙන්නට..
සීන් සිනිදු සළු නැත මට දෙන්නට..
ගේදොර වතුපිටි නැත ගරු සරුවට..
යාන්තමට ඇත දිවි රැකගන්නට..
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

දැසමන් මලක් වගේ....

පසුකරමින් මහ කදුවැටි ඕවිටි..
පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි..
ගල්මුල් වල පය පැටලී වැටි වැටි..
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි..
කවුද................?
මගෙ රත්තරන් හෙලේනා.....////

දැසමන් මලක් වගේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.