Lyrics
දැවී තැවුණු සිත් නිවී පහන් වන
දිනක් උදා වූවා
කලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැන
මතක අළුත් වූවා
සඳක් නැගී තල් වැට ඉහළින් වෙඩි
හඬත් ඇසෙන් නැතිවා
මළත් කමක් නෑ මලක් අරන් මම
නාගදීපේ ආවා......
නාගදීපයට ඉහළ අහස් කුස රන්වන් පැහැය ගනී
එදා දෙසූ දම් එදා වගේමයි තාමත් සුවඳ දැනේ......
දැවී තැවුණු සිත්........
පරවි තටුවකින් සිසිල් පැන් දොවා
සුදු මල් ගෙන ආවා
අනේ හිමියනේ සාධු නාද මිස
වෙඩි හඬ නොඇසේවා......
දැවී තැවුණු සිත්........