දැවේනා දුක මේ වාවනු බෑdhaeweenaa dhuka mee waawanu bae

Dawenaa Duka Me Wawanna ba

Lyrics

දැවේනා දුක මේ වාවනු බෑ
කදුලැල් දෙනෙතේ බාරගන්නෙ නෑ //
මා තරම් කවුරුවත් ඔබටනම් අදරේ කරන් නෑ
දැවේනා දුක මේ......

තනියෙන් ගෙවෙනා තප්පරෙත් අපේ
මටනම් දැනුනේ කල්පයක් වගේ
නැතිකම් දෙනෙතින් දකිනකන් මගේ
ඔබමයි වුන්නෙ දැවටිලා හදේ
අපෙ පෙම් කතන්දරේ  අද නතර වි ගියේ
දුප්පත් කමටයි මගේ...

දැවෙනා දුක..........

දෙනුවන් පියෙනා කාලයට මගේ
වැඩිකල් නැති වෙවු හිත කියයි ඔහේ
නැතිමුත් වටිනා මුතු මැනික් අතේ
තවමත් ඔබටයි ආදරේ කලෙ
සැනසුම අරන් මගේ  මට වැඩි කලක් නොවේ
නිදුකින් ඉනූ පන මගේ...

දැවේනා දුක මේ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.