දවසකින් පරණ වූdhawasakin parana wuu

Dawasakin Parana Wu

Music:
ෂෙනාල් මද්දුමගේshenaal madhdhumagee
Lyrics:
මුර්ෂාද් හුවායිස් (මූරා)murshaadh huwaayis (muuraa)

Lyrics

දවසකින් තව පරණ වූ මතකයන් මට උරුම වූ
සෙනෙහසින් අප කල් ගෙවූ අතීතය කඳුලක්ම වූ
අදත් තරු කැට දිලිහුණේ සඳත් පෙර සේ බැබලුණේ
නමුත් පෙරදා මෙන් නොවේ තනි වී දෙතැනක අපි ලොවේ...

මේ සසර පුරා දුක පපුවේ දරා සිහිනෙන් පමණක් දැක ගන්නම්
දුර වැඩිදෝ ගියා යළිත් හැරිලා බලා ආයේ එන්නයි අයදින්නම්
හිනැහුණා නෙති නෙත ගැටී සැනසුණා තුරුලට වෙලී
නමුත් පෙරදා මෙන් නොවේ තනි වී දෙතැනක අපි ලොවේ...

දවසකින් තව...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.