Lyrics
ඇයි මේ වාගේ හමුවුණේ ඔබ හුමුවුණේ
රහසේ වෙන් වී යන්න හිතාගෙන ඇයි අප හා බැඳුනේ
ඔබ හා සතුටින් සිටි ඒ කාලය වැඩි වූ නිසාද මේ තරමට දුක
යාළුවේ මගේ පණ වන් යාළුවේ
ඔබ නැති පාළුව දැනී දැනී තාමත් දෑස් තෙමේ
යාළුවේ අප පණවන් යාළුවේ
ඔබ නැති අඩුව අනේ කාට කියන්නද
කාට කියන්නද.........
ඇයි ඒ වාගේ සැහැල්ලුවෙන් කල් ගෙව්වේ
ඔහේ පාවෙවී ඉන්න කියා අපටත් කිව්වේ
කොයි මොහොතකවත් නෑ ඔබ නම් තැවුණේ
(දුක සැප දෙකෙහිම සෙවණැල්ලක් ලෙසමයි සිටියේ......//)
ඇයි මේ වාගේ සුළඟක් වී අප වෙත ආවේ
අල්ලාගන්න බැරි වේගයකින් හමා ගියේ
ගෑ සුවඳක්වත් නෑ දැන් අප ළඟ මිතුරේ
(දවසක හමුවේවා ඔබම මේ සසරේ.....////)