Lyrics
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා
බිරිඳකගේ සෙනෙහේ කියා
යෝද ඇළේ නැම්මේ
(ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ)..//
කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
(මං එනතුරු ඉදිකඩ ලඟ
ඉන්නවාද අම්මේ)..///