දවසක් දා හැන්දැවක පොතක් බලන්නට සිතුනාdhawasak dhaa haendhaewaka pothak balannata sithunaa

Dawasak Daa

Lyrics

දවසක් දා හැන්දැවක
පොතක් බලන්නට සිතුනා
හිතුවෙත් නෑ ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා

ඈ මගේ ගතේ හැගුමන් පෙලා
ඈ මගෙ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා
ආදරෙයි කියා නොකියා ගියා
කිය පොතේ ලියවී තිබුනා

රේනූ රේනූ මල් මිටේ රේනූ
ඈට පෙම් කරන්න මට බෑලු
රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලු
රොන් පිරී සැලෙන්න මල් රේනූ

සද වත දො මා දුටුවේ
ඔබෙ ගත දො මා දුටුවේ
සිතුවම් දො මා දුටුවේ
හැබැහින් දො ඔබ දුටුවේ

ඈ මගේ ගතේ...

රේනූ රේනූ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.