දෑවැදි දෙන්නට රන් මසුdhaewaedhi dhennata ran masu

Davadi Dennata

Lyrics

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බර වුන බාල නගේ
නුඹ ගෙන යන්නට ගමෙත් කෙනෙක් නෑ
රටෙත් කෙනෙක්  නෑ බාල නගේ

විරසක වීලා ගිරහා අපලයෙන්
නුඹේ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මූණයි
ලිප මුල්ලේ යෞවනය වගේ

රන්දම් පැළදිය යුතු ගෙල වටකර
නව ගුණ වැල පෝරුවක බැදේ
දීගෙක ගිය දා නුඹට දැනේවි
තනිකඩකම කොච්චර ද අගේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.