දෑතේ කරගැටdhaethee karagaeta

Dathe Karagata

Music:
අමරදේව W Damaradheewa w d
Lyrics:
මහගමසේකරmahagamaseekara

Lyrics

දෑතේ කරගැට සිඹ සනසන්න්ට
ළා ගොයමේ දළු පවන් සලයි
දහඩිය මුතු කැට මල් වරුසා වී 
කරල් බරින් පීදී වැගිරෙයි

අඩ සද මෝරන මැදියම් අහසින්
බිළිදු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනහෙයි

දහසක් වැව් බැදි යෝධ මිනිස් කැල
යළි ඉපදී ඇති ලක් දෙරණේ 
සත් රුවණින් නව නිදහන් මතුවී
පුතුගෙ සිනාවෙනි ඔප වැටුනේ

දෑසේ කදුලැල් පිසදා බලනෙමි
හෙට හිරු එළියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ

මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක් වේ මට
ඔබ සිහි වන විට පුංචි පුතුන්

දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදි කර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.