දෑත ගත්තාdhaetha gaththaa

Datha Gaththa

Lyrics:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

Lyrics

දෑත ගත්තා
(දෑත ගත්තා අනවසරයෙන් රිදුනද කුමරියනේ...//)
නෙත් නොපියා ළඟ ඉන්න නිසා
මේ මධු සඳපානේ
(දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ...//)

දෑත ගත්තා.....

(රාත්‍රියක් සේ ඉන්නද නොනිදා
සිහින රෑ නොම ඉටුවූයෙන්
ඔබ ලොව හීනයකට පිවිසී
මා ගැන සිතමින් සැතපේනම්....//)

ඔබෙ සුපෙම් සමීපේ පෙම් සුවඳ හමා ඒ
අපගේ අවකාශේ නැලවී හිඳිමු ආදරේ
නෙත් නොපියා ළඟ ඉන්න නිසා
මේ මධු සඳපානේ
(දැනෙන සුළු ආත්ම ගීතාවේ
අරුත ඔබ වේ මගේ ළඳුනේ...//)

(මොහොතක් පාසා ඉමහත් සතුටින්
සැම දිනයම ගත වේ නම්
අදටත් වැඩියෙන් මතු දින දිවියේ
අපමණකට ළංවී ඉන්නම්....//)

ඔබෙ සුපෙම් සමීපේ......

දෑත ගත්තා......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.