දෑත දෙපා ළනdhaetha dhepaa lana

Datha Depa Lana

Music:
ලක්ශ්මන් විජේසේකරlakshman wijeeseekara
Lyrics:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

Lyrics

(දෑත දෙපා ළන ගිගිරි සරින්
මා කැඳවා නොතැවෙන්
සිවුසිය ගව් දුර ඇදෙන ලෙසින් 
සෝක සුසුම් නොහෙලන්...//)

පෙරමග පියවර මැකෙන ලෙසින්
ඈතට යනු මැන අසුරු සැනින්
මා හඬවන්නට සිහින තුලින්
අයදිමි යළි මෙහි නොඑන ලෙසින්

දෑත දෙපා ලන ගිගිරි සරින්......

නිදි යහනට වන් අකුණු සරින්
මතක සිහින සිතුවිලි පුබුදන්
හද මළගම දා මම වැලපෙම්
විදුලිය සේ යළි සිනහ නොවෙන්

දෑත දෙපා ලන ගිගිරි සරින්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.