දෑත අල්ලා බොහෝ දුරdhaetha allaa bohoo dhura

Datha Alla Boho Dura

Music:
පසන් ලියනගේpasan liyanagee
Lyrics:
ග්‍රේෂාන් කරලියද්දgreeshaan karaliyadhdha

Lyrics

දෑත අල්ලා බොහෝ දුර ඇවිත් මාව තනිකර ඔබ ගියේ
පෙරට යන්නට යළි හැරෙන්නට බැරිව දෙපා පැටලී 
(ඉන්නේ මං තනිවෙලා එන්න මගේ රත්තරන්.....//)

දෙතොල් දෑලේ සිනා මැකිලා 
දෙනෙත් දෑලේ කඳුළු රැඳිලා
විඳින විඳිවන සිතත් බිඳිලා
යන්න මයේ සිත ලොවෙන් මිදිලා.....

හිසේ කෙහෙරැල් නළලේ රැඳිලා
නෙතඟ අහුරයි දසුන් බිඳලා
සිතැඟි පොරකයි ඔබව සොයලා
සිහින මියැදී තනිව ඉඳලා
(මට තවත් ඉන්න බෑ එන්නකෝ මා සොයා......//)

දෙතොල් දෑලේ.......

දෙපා ඔසවා වෙහෙස නොබලා 
එන්න ඉඩ නෑ කඩුලු බැඳලා
සුළඟේ මා එවූ සුසුම දැනිලා
එන්න මගේ පණ මා සොයලා.....
(මට තවත් ඉන්න බෑ එන්නකෝ මා සොයා......//)

දෙතොල් දෑලේ.......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.