දාසිකය සේ ආවතේව කම් නොකෙරුවට මට කමක් නෑdhaasikaya see aawatheewa kam nokeruwata mata kamak nae

Dasiyaka Se Awathewa Kam Nokeruwata Mata Kamak Na

Lyrics

දාසිකය සේ ආවතේව කම්
නොකෙරුවට මට කමක් නෑ
තාම තනියම ඉන්න මා ළඟ
බේතකටවත් කෙනෙක් නෑ
රෝස මලට පවා නොදෙවෙනි
කෙනෙක් නොවුනට කමක් නෑ
ලේසි කෙනෙකුට ගන්න බැරි මගෙ
හිතට හරියන කෙනෙක් නෑ //

තාම හමුවෙල නෑ
ලොවේ කොහෙවත් නෑ
හීනයක් වී මා ලඟ ඉන්නට
කෙනෙක් හමුවල නෑ //

දෑස රවටන පාට කැටයම්
අනේ නැතිවට කමක් නෑ
චාම් විදියට වෙස් වලාගෙන 
වෙනස් වෙන ඒ ගතිය බෑ
ග්‍රහ පලාපල බලා කීවත්
ආදරේ නම් නැතිව බෑ
ප්‍රේම කරලම දන්න හින්දම
එහෙම හිතගත් කෙනෙක් නෑ
 
දාසිකය සේ ....
තාම හමුවෙල නෑ ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.