Lyrics
දෑසේ කඳුළු සිඳුනා දුක නිවන්නට
සිතුවිලි වැළපුණා එරෙහිව නැගෙන්නට
නිදහස ගිලිහිලා දෙපයින් සිටින්නට
අසනා කෙනෙක් නෑ මේ ගැන කියන්නට
තැන තැන දකින දුසිරිත මැද විලි වැදිලා
තිසරණ සරණ අසරණ වී වන වැදිලා
තඹ කාසියට විලි බිය උගසට බැදිලා
ගැතිකම රජවෙලා නැතිකම එරෙහිවෙලා
ගව කුල මෙහෙය සඳ හා රණ කෙසරු සිඳ
සිහරැල රැගෙන යති පිටිතල අයා බැඳ
සිවලුන් කෙලෙති පඩුවන් උර මඩල වැඳ
නුවරුන් සැතපිලා නෑසූ කලින් අද