දෑස පා සිනාdhaesa paa sinaa

Dasa Pa Sina

Lyrics:
හේමසිරි ද අල්විස්heemasiri dha alwis

Lyrics

(දෑස පා සිනා 
කියන රහස තේරුනා
පෙම් ලොවක් දෙපා මුලේ මාව දෙමි 
අද වගේ හෙටත් ඔබේ ලඟින් ඉමි ...//) 

(තුරුණු ජිවිතේ මී වගේ රසයි 
මා අලුත් වුණේ සුදූ ඔයා නිසයි ...//)
මා දෙපා තබන්නේ ඔබ දෙපා තැබූ බිමයි 
ඔබගේ සුවඳ රැගෙන එන සුළං සැපයි 
දෑස මගේ මත් කෙරූ හැඟුමන් යසයි 

දෑස පා සිනා...

(මහද පෙම් විලේ මල් පිපී සැලේ 
අපගේ ආදරේ තරු පහන් දිලේ ...//)
සුරංගනා ලොවක් බලා හෙමින් පියාසලා 
සීත සුලගේ පටලෑවී තුරුල් වේවී
එන්න යන්න දැන් ඉතින් පියඹලා...

දෑස පා සිනා ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.