දස මසක් මාdhasa masak maa

Dasa Masak Ma

Music:
ගුණදාස කපුගේgunadhaasa kapugee
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

දස මසක් මා කුස තුළ උන් පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතුවේ
වීසි කරමි වන ලැහැබට දෑස පියාගෙන
නයි පොලොඟුන් ගෙන් මවක ලබාවා
වග වලසුන් ගෙන් පියෙකු ලබාවා....

දැඩි වී වග වළසුන් අතරේ
වළසෙකු වී අවුදින් පුතුනේ
වීසිකරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ.....

සැතපී නයි පොළඟුන් දරණේ
පොළඟෙකු වී අවුදින් පුතුනේ
අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසන් පුතුනේ.....

 දස මසක් මා…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.