දස මසක් කුසයේ දරා dhasa masak kusayee dharaa

Dasa Masak Kusaye Dara

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

Lyrics

දස මසක් කුසයේ දරා 
පුතුන් වැදු ලෙස මව් එදා 
සියවසක් නුඹලා සිතින් දැරු 
පියාණන් අද තනි වෙලා 
පියාණන් තනි වෙලා...

තුන් සිතින් නොපැතූ ලෙසින් 
පිතු සෙනේ ගිලිහී යමින් 
මා පෙලුවද මේ ලෙසින් 
නෑ දරුවනේ අහිතක් මගෙන්... 

දස මසක්...

ඉනි වටෙන් ජීවිතයේදී 
මිනිස්කම ගිලිහෙනු නොදී 
එක තනේ කිරි බිවු ලෙසින් 
යළි දරුවනේ සමගිව හිඳිවු...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.