දස මස ඔබ මා කුසdhasa masa oba maa kusa

Dasa Masa Oba Ma Kusa

Lyrics

දස මස ඔබ මා කුස රැදවූවා
දහසක් දුක් ගිනි සිතින් දරා
මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ
අම්මේ ඔබ මගෙ දිවිය පුරා //

සිටු මැදුරක  සැප මට ගෙන දෙන්නට
ඉසුරු කාසි පොදි නැත කිබුණේ
වෙහෙසට ගත රැදි උණුසුම් දා බිඳු
දරු සෙනෙහස වෙනුවෙනි හෙළුවේ

දස මස ඔබ මා ....

මට සවියක් වුන් පිවිතුරු ඔබෙ ගුණ
සසරින් සසරට හිමිවීලා
මතු අත් භවයෙන් වරම්පතන්නෙමි
හිඳිනට ඔබෙ සෙනවට වීලා

දස මස ඔබ මා .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.