Lyrics
(දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා…..//)
(සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන්….//)
ගමන් වැඩිය අන්ගීරස
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා.....
(සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන්.....//)
මුළු දියතෙහි සිසිල මවා
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා......
(මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ.....//)
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා......
දස බිම්බර මාර......