දස බිම්බර මාර සෙනගdhasa bimbara maara senaga

Dasa Bimbara Maara Senaga

Lyrics

දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා //

සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන් //
ගමන් වැඩිය අන්ගීරස
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන් //
මුළු දියතෙහි සිසිල මවා
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ //
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.