දරන්න බෑ මේdharanna bae mee

Daranna Be Me

Lyrics

දරන්න බෑ මේ වේදනාවන්
කරන්න නෑ දෙයක් ඉතින්
බිඳී ගිය අපේ පැතුම්
අවාසනාවන් අසමගියෙන්
දරන්න බෑ .....

එදා මෙදා තුරා දුටු
ලෝකයේ තතු මතක් වෙලා
සිතක් හඬයි ආදරෙන් යුතු
පාළු ලෝකයයක් වෙලා දැන් නෑ කිසිත් තතු
දූලි වී ගියා වගේ ඒ පැතුම් පැතූ

දරන්න .....

එදා දුටු අනාගතේ දැන් හීනයක් වෙලා
හැරි බැලු අතීතයයි ඒ වගේ වෙලා
අතීතයයි අනාගතේ සීන වූ මගේ
ජීවිතේ හුමාල වී යාවිදැයි හැගේ

දරන්න බෑ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.