දරාගන්න බැරිdharaaganna baeri

Daraganna Bari

Music:
විශ්ව සංකල්පwishwa sankalpa
Lyrics:
ජානක සිරිවර්දනjaanaka siriwardhana

Lyrics

දරාගන්න බැරි තනිකඩ හිත ළඟ
විරාමයක ඇවිදින් ඉඟි බිඟි කළ
ප්‍රියාවියේ මට ආයෙත් දෙනවද.. ඒ ජීවිතේ
අහස් කුසුම් රඟනා.. සිත් කළඹනා
දිලිසෙනා රවටනා හීන පිපෙනා 
රාත්‍රියයි රාත්‍රියයි මේ.....

දරාගන්න බැරි තනිකඩ හිත ළඟ
විරාමයක ඇවිදින් ඉඟි බිඟි කළ
ප්‍රියාවියේ මට ආයෙත් දෙනවද.. ඒ ජීවිතේ

අහස රැයට අවනත වේ නම්
ලොවට එළිය කළුවර නම්
අනන්තයට යොදුනක් ඈතින් රෑ පිපුණත් 

බඹරෙකු වගේ ඇවිදින් කළුවර දිගේ
අහස් කුසුම් කෙමියේ මිය යන්නම්.....

දරාගන්න බැරි තනිකඩ හිත ළඟ
විරාමයක ඇවිදින් ඉඟි බිඟි කළ
ප්‍රියාවියේ මට ආයෙත් දෙනවද.. ඒ ජීවිතේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.