Lyrics
දන්නවා නම් ඔයා මං දුක් වෙන තරම්
නෑ මාව මේ වගේ හඬවන්නේම නම්
ඇස් වලට මේ තරම් කඳුළු දීලා ගියත්
මං වගේ ආදරේ කළේ නෑ ඔබට කව්රුවත්......
දැනෙනවා දුක නිතර මතක් වෙන වාරයක්
කඳුලින් පිරෙනවා නෙත් ඇරගන්න බැරි තරම්
තුන් හිතකවත් තිබුණේ නෑ දෙන්න කාටවත්
ඇදහුවේ ඔබ මාගේ පණ සේම හදවතේ......
සොයනවා සිත ඔබව නාඳුනන සේ ගියත්
පුළුවන්ද තව හිතක හිනැහෙන්න හිත හදන්
ඔබ නේද පෙම් කෙරුවේ මට වඩා එක සිතින්
මග බලා ඉන්නේ ආයේ හමු වේවිදෝ ඉතින්.......
දන්නවා නම්.......