දඟකාරී මංdhangakaarii man

Dangakari Man

Lyrics

දඟකාරී මං මද්දුම දෝණී
ඔබට අකීකරු නෑ අම්මේ
බක් මී මල වට බඹරු නටනවා
වරඳ මල් සුවදද අම්මේ

යන එන අතරේ පාර දෙපැත්තේ
දොරින් දොරට ඇස් මුමුණනවා
දිගින් දිගට රස කතා ගොතද්දී
කට වැට කොට වැට බඳින්නදෝ අම්මේ

දහසක් වැට කොටු තහංච් බැන්දේ
මගෙ හිත රැහැනින් බදින්නදෝ
මටම මගේ හිත කීකරු නැතිදා
මුර සෙබළුන් මා බදින්නදෝ අම්මේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.