දඟකාර හීනේdhangakaara hiinee

Dangakara Heene

Music:
උදාර සමරවීරudhaara samarawiira
Lyrics:
උදාර සමරවීරudhaara samarawiira

Lyrics

(දඟකාර හීනේ යොවුන් වසන්තේ
හැඟුමන් මාගේ ඔබයි මවන්නේ.....//)

දෙනෙතේ සරන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ඔබමයි පතන්නේ උමතුවකින් වාගේ
ආත්මයෙන් ආත්මයේ මං
ආත්මයෙන් ආත්මයේ මං......

(අත්වැල් බැඳන් ඔබ හා ආදරෙන්
හැමදාමත් පෙරුම් පිරුවේ මං.....//)
ජීවිතේ පුරාම තුරුලේ ගයන්න
කාටත් හොරෙන්ම රහසක් කියන්න.....

දෙනෙතේ සරන්නේ.....

(පියඹා ඔහේ ඔබ හා ආකහේ
හැමදාමත් පැතුම් පැතුවේ මං......//)
ජීවිතේ පුරාම තුරුලේ වයන්න
කාටත් හොරෙන්ම රහසක් කියන්න......

දෙනෙතේ සරන්නේ.....

දඟකාර හීනේ.....//
දෙනෙතේ සරන්නේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.