දැනෙන දුකdhaenena dhuka

Danena Duka

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

Lyrics

දැනෙන දුක වාවාගන්න බෑ ඔබ නිසා
නැතිද දුක යන්නට ඔබ ගියේ මා දමා
මේ හිතම රිදවාලා ඔබ වෙන් වුණා
යලි එන්න මා සොයා ඉන්නම් බලා
දැනෙන දුක වාවාගන්න බෑ ඔබ නිසා
නැතිද දුක යන්නට ඔබ ගියේ මා දමා......

ආදරෙන් දෑස් අගින් කී කතා මට ලං වෙලා
හීනෙනුත් ඔයා ඇවිත් හිනැහුණා හිත රිදවලා
මුළු රෑම මා හැඬුවා සිහි වී ඔයා
යලි එන්න මා සොයා ඉන්නම් බලා.....

දැනෙන දුක වාවාගන්න බෑ ඔබ නිසා
නැතිද දුක යන්නට ඔබ ගියේ මා දමා......

ජීවිතෙන් ඔයා ගියා මා නෙතේ කඳුලැල් තියා
ආවොතින් යලිත් ඔයා ආදරෙන් ඉන්නම් සදා
පාළුවේ මා දමා වෙන් වී ගියා
යලි එන්න මා සොයා ඉන්නම් බලා.....

දැනෙන දුක වාවාගන්න......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.