දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලාdhandu waetata kota aedhdha ali aeththu nasalaa

Dandu Wetata Kota Adda Ali Aththu Nasala

Lyrics

දඬු වැටට කොට ඇද්ද අලි ඇත්තු නසලා
පෙරහැරට දළ දිගට ඇති ඇත්තු සොයනා
සිල් රෙද්දෙ ලේ ගෑවුනේ කොහොම සොයනා
අවිගත්තු පින්වත්තු දාගැබට විදලා

උතුරින්ද දකුණින්ද නුඹ ආවේ කියලා
කොයිබින්ද නෙක පැහැති ලේ දැක්කේ නුඹලා
කෝවිලට ගිනි බින්ද වෙඩි උන්ඩ  නසලා
නිල් අහස පරවියන්ට ඉඩ හරිමු සොයලා

දහඩියම දෑවැද්ද කොට ගත්ත නුඹලා
බැත කන්ද දියවෙද්දි මියැදෙන්න ඇරලා
නිදිවැද්ද රජ ඔටුනු වැජබෙන්න හරිනා
දෙවියන්ට පින් දෙන්ට පුළුවන්ද වැදලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.