දැන දැනත්dhaena dhaenath

Dana Danath

Music:
තශ්මි ජයවීරthashmi jayawiira
Lyrics:
තශ්මි ජයවීරthashmi jayawiira

Lyrics

දැන දැනත් දුර ගියා යලි මෙ මං එමි කියා 
(නාවේ ඇයිදෝ ඔයා...//)
(හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා...//)

ඒ කාලේ මතකය මා හා ලං වෙලා
රිදවූවා ඇති තරම්
ඔබ නාවේ ඇයිදෝ ඒ බව දැන දැනත්
රිදවූවා මදිදෝ තවත්
(හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා...//)

මේ පාළු කතරේහි මා තනි වෙලා
හැඬුවා ඉකි ගසත් එය නෑසුනේ ඔබට පමණයි ඉතිං
නෑ මෙලොවේහි තව කෙනෙක්
මිරිඟුවක් වී මාව රවටලා
නොමරා මැරුවා මා ආදරෙන් ‍වෙලලා
(හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.