Lyrics
වෙන්වෙන්න නම් හදන්නේ නෑ ඉන්න කියන්නේ
වරදක් උනාද යන්නේ දැනගන්නයි අහන්නේ
මගේ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා
තවකෙනෙක් හට ලන්වුනානම් මටනං එපා ඔයා
මගේ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා
තවකෙනෙක් හට ලන්වුනානම් මටනං එපා ඔයා
හීන පොදිබැඳ ජීවිතේ දුර මැව්වේ පෙරදා
දෑත බැඳගෙන ආදරෙන් අපි ලන්වෙමු කියා
මට කී දෙවෙල් මතක නැතිදෝ දැන් වෙනස් වෙලා
හිත කෙනෙක් ළඟ නැවතුනානම් මට එපා ඔයා
හිත කෙනෙක් ළඟ නැවතුනානම් මට එපා ඔයා
මගේ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා
තවකෙනෙක් හට ලන්වුනානම් මටනං එපා ඔයා
මාගේ හොඳ හිත තේරිලා විඳවන්න වෙයි මතුදා
ශාප කරකර ආයේ මං හඩන්නේ නෑ කිසිදා
දුක්වෙලා යලි ලංවෙලා වැඳ වැටුනත් මතුදා
ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා
ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා
වෙන්වෙන්න නම් හදන්නේ නෑ ඉන්න කියන්නේ.../