දැන් තේරුනාdhaen theerunaa

Dan Theruna

Music:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
Lyrics:
තුෂාන් සිල්වාthushaan silwaa

Lyrics

දැන් තේරුනා රැවටුනේ මං කියා
නිස්කාරණේ දිවුරුම් ඔබෙ නිසා 
ජීවත් උනේ මෙතරම් හරි මෙමා 
ඔබෙ නාමයෙන්මයි පේවීලා 
එක හිතක් නැති නිසා 
ඔබ ගියා වෙන්වෙලා 
ඒ උනත් මා එදා සම්මතේ ඉන්නවා 

(මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා 
මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා...//)

සීරුවෙන් හිතා මතාම කාරණා හදමින් ඔයා 
වෙන්වුනා වෙනස් වෙලා දිව්‍ය සැපයක් සොයා 
ආපයින් දමා ගියාට පාවෙලා සැනෙකින් ඔයා 
වෙන්නෙපා දුකක් කියා වෙන්ව යන්නම් මෙමා 
       
(මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා 
මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා...//)

ජීවිතෙන් පවා ඔයාට මා එදා අඩුවක් තියා 
රිද්දලා දුකින් සදා තිබ්බෙ නම් නෑ ඔයා 
මා ඔබෙන් මෙදා ලබාපු වේදනා පපුවෙන් දරා 
අස්වුණා යලිත් මෙමා අයිතියක් නැති නිසා

දැන් තේරුනා රැවටුනේ....

(මේ විඳවනා ජීවිතෙන් පිටමං වෙලා 
මං මිය ගියත් ඔබ ඇවිත් වැළපෙනු එපා...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.