දැන් ඉතිං වෙන කුමක් කරන්නදdhaen ithin wena kumak karannadha

Dan Ithin wena Kumak

Lyrics:
අසෝක හඳගමasooka handagama

Lyrics

ඉර හඳට වඩා
අපි ඈත බව දන්නවා
ඒ උනත් අහම්බෙන්
එකම එක මොහොතකට
ඔබට මා හමුවෙලා

දැන් ඉතිං වෙන කුමක් කරන්නද
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
ආදරය කරනු මිස

මහා පතරංගෙටත් වඩා
දිග කතාවක
කොම්බුවක් තරම් නැති
අපේ ලව් සිංදුවේ
අන්තරා පේළියක සමන්ති
මා ඔබව ඉම්බා..!

පැය කටුව කුමකටද
ඔරලෝසු මුණකට
ඔරලෝසු මුණකට
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
කල්පයක් කියන්නේ
තත්පරෙන් බිඳක් නම්
සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්
මා ඔබට තුරුළු වී
නිදිබරව උන්නා සමන්ති
සමන්ති

ඔබේ තොල් පෙති වැදී
මගේ නළලේ කොණක
කේෂ නාලිකාවක් පිපිරුණා
කේෂ නාලිකාවක් පිපිරුණා
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
දැන් ඉතිං වෙන කුමක් කරන්නද
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
ආදරය කරනු මිස
ආදරය කරනු මිස

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.